සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 18 වනදා සිට ආරම්භ වෙයි

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 18 වනදා සිට

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 18 වනදා සිට

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බවත්, දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවත්, නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා සඳහන් කර ඇත.

“මෙම ඇගයීම් කටයුතු අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 472,554ක් අයදුම් කරලා තිබුණා. එම අපේක්ෂකයන්ගේ උත්තර පත්‍රවලින් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් ඒ කියන්නේ 90%කට ආසන්න ප්‍රමාණයක් මේ අදියරේ දී ඇගයීමට ලක්කරනවා. මේ දැවැන්ත ක්‍රියාවලිය සඳහා ගුරුවරු 27,500ක් තම දායකත්වය ලබාදීමට සුදානමින් ඉන්නවා. මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *