ගුවන් තොටුපොළේ ඇතුල්වීම් පර්යන්තයේ ආරක්ෂක සෝදිසි කිරිම් සහ සෝදිසි කිරිම් ස්කෑන් යන්ත්‍ර සියල්ල නවතා දමලා

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත, කිසිදු අධ්‍යයනයකින් තොරව ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ මගී තදබදය වළක්වාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත්ත ද එය ගැටලු සහගත තත්ත්වයක් බවයි.

එහෙත් ගුවන්තොටුපොළින් පිටත් වන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කෙරුණ ද ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකෙරෙන අතර එය ගුවන් තොටුපොළේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *