කෝවිලක අඹ ගෙඩියක් 95,000 කට වෙන්දේසි වෙයි

වුනියාව ,තවුසිකුලම් ප්‍රදේශයේ කෝවිලක තිබූ වෙන්දේසියක් අතරතුර අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ.

වවුනියාව , තවුසිකුලම ශ්‍රී විනයාගර් හින්දු කෝවිලේ (13)වැනි දා පැවති විශේෂ දේවමෙහෙයක් සහ වැඩසටහනකින් අනතුරුව පූජා වට්ටි සහ පළතුරු වෙන්දේසියට තබා ඇති අතර එහිදී ටොම් ඊ.ජේ.සි වර්ගයේ මෙම අඹගෙඩිය රුපියල් 95,000 ක මුදලකට අලෙවිවූ බව කෝවිල් පාලනාධිකාරිය පවසි ඇත.

එලෙස වෙන්දේසියෙන් හමුවන මුදල් කෝවිලේ සංවර්ධන වැඩසටහන් සඳහා යෙදවීමට කටයුතු කරන බවත් පලනාධිකාරිය වැඩිදුරටත් පැවසීය.

මෙසේ හිංදු කෝවිල්තුල වෙන්දේසියේදී මිළට ගනු ලබන පළතුරු ඇතුළු දේ මිළදී ගන්නා හින්දු බැතිමතුන් ඒවා අනුභව නොකරන අතර නිවසේ දේව පිළිම අසල නිවසට ආශිර්වාදපතා තැන්පත්කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *