ඩිජිටල් ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ඉන්දීය රු.මි 450ක මුදලක්

ඩිජිටල් ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ඉන්දීය රු.මි 450ක මුදලක්

ඩිජිටල් ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ඉන්දීය රු.මි 450ක මුදලක්

මෙරට අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් මිලියන 450ක මුදලක් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම මුදල් ලබාදී ඇති බව සඳහන්.

ඊට අදාළ චෙක්පත ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *