ශ්‍රී ලංකාව සහ අබුඩාබි අතර අඩු වියදම් ගුවන් ගමන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ අබුඩාබි අතර අඩු වියදම් ගුවන් ගමන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ අබුඩාබි අතර අඩු වියදම් ගුවන් ගමන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ අබුඩාබි අතර අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරුණා.

කටුනායක ගුවන්තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට අනුවයි මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක වන්නේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සේවා සමාගම වෙත මේ සඳහා වන ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම කටුනායක දී සිදු කෙරුණා. ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව මෙන්ම කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබද එහිදී දැඩි අවධානය යොමු කර තිබෙනවා.

ලබන මස මැද භාගයේ සිට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති මෙම අවස්ථාවට එහි අධ්‍යක්ෂ ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී ඒ ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *