වයස අවු 12 අඩු දරුවන්ට රසකැවිලි දීම වහාම නතර කරන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

වයස අවු 12 අඩු දරුවන්ට රසකැවිලි දීම වහාම නතර කරන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

වයස අවු 12 අඩු දරුවන්ට රසකැවිලි දීම වහාම නතර කරන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

පැණි බීම, චොක්ලට්, චුයින්ගම්, පැණි රස ආහාර හා විදේශයන් හී සිට මෙරටට ආනයන කරන රසකැවිලි වයස අවුරුදු 12 අඩු දරුවන්ට දීම වහාම නතර කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

සීනි වෙනුවට ලංකාව තුළ දැනට භාවිත කරන පැණිරසකාරයක් වන ඊ 951 නැතහොත් “ඇස්පාටේන්” නැමැති පැණිරස කාරකයක තුළ බී 2 කාණ්ඩයට අයත් පිළිකා කාරකය අන්තර්ගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පිලිකාව පිලිබඳ ජාත්‍යන්තර සංවිධානය ඒතාබද්ධව කරන පර්යේෂණයන්ගෙන් තහවුරු කරගෙන ඇතැයි සංගමයේ භාණ්ඩාකාරික රෝෂණ කුමාර සඳහන් කරයි.

ලෝකයේ මිය යන සෑම පුද්ගලයින් 6 කුන් 1 අයෙකු පිළිකාව නිසා මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන බවද හෙතෙම පෙන්වාදේ.

ඒ අනුව පිළිකාවලට හේතුවන ආහාර ආකලන සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණය පවත්වන අතර මෙම රසායනිකය අඩංගු ආහාරපාන තවදුරත් භාවිත කරන්නේද නැද්ද සහ භාවිත කළ හැකි ප්‍රමාණයන් පිළිබද මේ වන විට නීතිරීති සකස් වෙමින් පවතින බව රෝෂණ මහතා පෙන්වාදේ.

බොහෝ වැඩිහිටියන් සීනි අහිතකරයි බව පවසමින් මෙවැනි අඩු සීනි පානයක් දරුවන්ට ලබා දීමට පෙළඹී සිටින බැවින් මෙය ඉතාමත් භයානක තත්තවයක් වී ඇත්තේ වැඩිහිටියෙකුට වඩා මෙම රසායනිකය දරුවන් බලපෑම් ඇතිකරන බැවින් යැයිද හෙතෙම පෙන්වාදේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *