ලොව පළමු සාමූහික ඊමේල් සේවාව වන Zapmail ශ්‍රි ලංකාවෙ හඳුන්වා දෙයි

ලොව පළමු සාමූහික ඊමේල් සේවාව වන Zapmail ශ්‍රි ලංකාවෙ හඳුන්වා දෙයි

ලොව පළමු සාමූහික ඊමේල් සේවාව වන Zapmail ශ්‍රි ලංකාවෙ හඳුන්වා දෙයි

ලොව ප්‍රථම සාමූහික ඊමේල් සේවාව වන Zapmail හඳුන්වා දීම පසුගියදා සිදු විය.

වෘත්තීය අවශ්‍යතාවලදී වඩාත් කාර්යක්ෂම ලෙස සන්නිවේදනයෙහි යෙදීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා දීම Zapmail සේවාවේ අරමුණයි. ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් විසින් Zapmail නිර්මාණය කර ඇති අතර, සාමූහික සන්නිවේදන කටයුතුවලදී මතුවන අකාර්යක්ෂමතා අවම කරගනිමින්, සන්නිවේදනය වඩාත් විධිමත් හා සරල කරන අතරම, පරිශීලකයන්ගේ කාලය ඉතිරි කරමින් ඵලදායීතාව වැඩි කළ හැකි ආකාරයට එය නිර්මාණය කර තිබේ.

“සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් කණ්ඩායමක සාමූහික සන්නිවේදන කටයුතුවලට ගැළපෙන පරිදි සැලසුම් කර නැහැ. එම නිසා සංවාද අවිධිමත් වීම, අදාළ තොරතුරු සොයා ගැනීම දුෂ්කර වීම සහ කාලය අපතේ යාම වැනි ගැටලු නිතර මතුවනවා. එම නිසා, කණ්ඩායම්වලට ඔවුන් කොහේ සිටියත් සජීවී ලෙස සන්නිවේදනය කිරීමට අවස්ථාව ලබාදෙන විසඳුමක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වුණා. සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් හරහා ගනුදෙනු කිරීමේදී අපගේ කණ්ඩායම් මුහුණ දුන් ගැටලු අප හොඳින් දුටුවා.

ඊමේල් මඟින් සන්නිවේදනය කිරීමෙන් ලැබෙන වාසි එලෙසින්ම ලැබෙන, එහෙත් වඩාත් කාර්යක්ෂම ලෙස සාමූහිකව සන්නිවේදනය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි.

ලොව පුරා කණ්ඩායම් සමඟ එක්ව සිදු කළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලින් අනතුරුව Zapmail හඳුන්වා දීමට අපට හැකි වුණා. මෙය සංවාදමය ඊමේල්, Spam රහිත inbox එකක්, වඩාත් විධිමත් threads සමඟ කණ්ඩායම්වලට එක්ව කටයුතු කිරීමේ හැකියාව සහිත සුවිශේෂී ඊමේල් සේවාවක් ලෙස හඳුන්වා දීමට පුළුවන්.” Zapmail හඳුන්වා දීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් Zapmail නිර්මාතෘවරුන් වන ෂෝන් සමරසිංහ, මාර්ක් සචින්ත, ශේ ඇන්තනි, දෙව්මින් අබේසේන සහ මෙරඩිත් අයිවර් පැවසූහ.

සමාගමක හෝ ආයතනයක සන්නාමය නියෝජනය කරන අතරම, වෘත්තීය පසුබිමක් තුළ සාමූහිකව කටයුතු කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව ලබාදෙන ආකාරයේ විසඳුමක් හඳුන්වා දීම Zapmail නිර්මාතෘවරුන්ගේ අරමුණ විය. එම නිසා ව්‍යාපාර, සමාගම්, ආයතන සහ විශ්වවිද්‍යාල ආදියෙහි සාමාජික සාමාජිකාවන්ට Zapmail මඟින් ප්‍රයෝජන රාශියක් අත්විඳීමට අවස්ථාව හිමි වී තිබේ. Zapmail යනු ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත් සේවාවක් වන නිසා ඕනෑම උපාංගයක් භාවිතයෙන් එයට පිවිසිය හැකි අතර, එමගින් කණ්ඩායම්වලට තම සංවාදයක් ලොව ඕනෑම තැනක සිට සිදු කළ හැකි වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *