සෞඛ්‍ය සේවයේ අංශ කිහිපයක් සඳහා ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය වේ

ඇඟිලි සලකුණු නොමැතිව සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවලා

ඇඟිලි සලකුණු නොමැතිව සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවලා

අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මෙම සම්බන්ධයෙන් වන ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිපාලන අංශයේ අතිරේක ලේකම් ගීතාමනී සී. කරුණාරත්නගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ලිපිය සියලු අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සියලු ප්‍රධාන මූල්‍ය නිලධාරින් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ මෙතෙක් කල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් රාජකාරි සදහා වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමයක් නොතිබුණු අතර මෙවැනි තීරණයක් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ මෙම තීරණය ප්‍රායෝගික නොවන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *