ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ දේශන ශාලාව ගැන විමර්ශනයක් – ඉදිකිරීමට රු. කෝටි 250කට අධික මුදලක් වැය කරලා

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ (14)වන දා කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළ ජෙරම් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සමීපතමයින් විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් පහක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබූ වාර්තාවේ සදහන් වන අන්දමට, ජෙරම් ප්‍රනාන්දු යන අය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති වාහන 14ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර, ඒවා මිලදී ගැනීම සදහා ජෙරම් ප්‍රනාන්දු යන අය මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අධිකරණයට දැනුම් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *