ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් – මාර්ග සංවර්ධන අධිකාරිය

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් - මාර්ග සංවර්ධන අධිකාරිය

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් - මාර්ග සංවර්ධන අධිකාරිය

මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් මහතා සඳහන් කාළේ, එම පාලම් පුළුල් කිරීමට රුපියල් බිලියන 15.3ක් ඇස්තමේන්තු කර ඇති බවයි. මීට අමතරව අබලන් තත්ත්වයේ පවතින පාලම් 135ක්ද හඳුනාගෙන තිබේ. ඒවා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල රුපියල් මිලියන 12.3ක් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

පාලම් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බවද ඔහු පැවසීය.

සර්දා වීරකෝන් මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රතිපාදන ලැබුණු පසු පාලම් ප්‍රතිසංස්කරණය ප්‍රමුඛතා පදනම මත සිදුකරන බවයි.

පසුගියදා පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරලී අනතුරක් සිදුවිය. එහිදි හෙළි වූයේ අදාළ පාලම පටුවීම හේතුවෙන් එම ස්ථානයේ අනතුරු බහුල වී ඇති බවයි. එම අනතුරෙන් පුද්ගලයින් 10කු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *