2023 උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම 28දා දක්වා මාර්ගගතව

0
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එය එළඹෙන 28 වනදා දක්වා අයදුම්පත්‍ර කැඳවීම ක්‍රියාත්මක වන බවයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම අයදුම්පත්‍ර යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් අපේක්ෂිකයින් සන්තකයේ සුරක්ෂිතව තබා ගත යුතු බව වැඩිදුරටත් සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com