ත්‍රිපෝෂ ගැන නිවේදනයක්

0
ත්‍රිපෝෂ සමාගම ගැන නව රජයේ ස්ථාවරය

ත්‍රිපෝෂ සමාගම ගැන නව රජයේ ස්ථාවරය

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක වන බව එම සමාගම නිවේදනය කරයි.

පසුගිය කාලයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු නියමිත ප්‍රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් බාධක මධ්‍යයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සිදු කෙරුණ.

මේ වන විට ගර්භනී සහ කිරිදෙන මවුවරුන්ට මෙන්ම වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ සපයන බවත්, මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ගේ ත්‍රිපෝෂවලට අදාල නිර්නායකයන් සම්බන්ධයෙන් පරස්පරතාවක් පවතින බවත් එම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යංශය විසඳුමක් දෙන්නේ නම් එම වයස් කාණ්ඩයේ දරුවන්ට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ඇති බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com