සතියක් පුරා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්
සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගනිමින්, දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් ජූලි මස 03වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබේ.
ඒ අනුව වයස 12න් පහල සියලු ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙනු ලබන බවට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශකර ඇත.




