සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

(01) සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළා.

මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා.

එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවෙනවා.

සංශෝධනය කර ඇති ගාස්තු පහත පරිදි වේ.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව පැවති අගය – රු.17,928.00 (බදු සමඟ)නව අගය – රු.21,467.00 (බදු සමඟ)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුවපැවති අගය – රු.3,774.00 (බදු සමඟ)නව අගය – රු.4,483.00 (බදු සමඟ)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුවපැවති අගය – රු.58,974.00 (බදු සමඟ)නව අගය – රු.117,949.00 (බදු සමඟ)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *