මහකොමසාරිස්වරු 03ක් සහ තානාපතිවරු 07ක් අක්ත පත්‍ර භාර දෙයි

මහකොමසාරිස්වරු 03ක් සහ තානාපතිවරු 07ක් අක්ත පත්‍ර භාර දෙයි

මහකොමසාරිස්වරු 03ක් සහ තානාපතිවරු 07ක් අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

01. ආචාර්ය රොජර් ගෝපෝල් මහතා (Dr. Roger Gopaul )
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්

02. එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් (Eligio Alberto Salas De Leon)
පැනමා ජනරජයේ තානාපති

03. ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා (Mr. Didier Vanderhasselt)
බෙල්ජියම් රාජධානියේ තානාපති

04. මහාචාර්ය ජොයිස් කේ කිකාෆුන්ඩා මිය (Prof. (Ms.) Joyce K. Kikafunda)
උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්

05. දිමිත්‍රියස් ලොනව් මහතා (Mr. Dimitrios Ioannou)
හෙලනික් ජනරජයේ තානාපති

06. ආචාර්ය බාසාම් අල්-කතිබ් (Dr. Bassam Al-Khatib)
සිරියානු අරාබි ජනරජයේ තානාපති

07. ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් මහතා (Mr. Javier Manuel Paulinich Velarde)
පේරු ජනරජයේ තානාපති

08. ලී මියොන් මහත්මිය (Ms. Lee Miyon)
කොරියානු ජනරජයේ තානාපති

09. ඉස්ට්වාන් සැබො මහතා (Mr. István Szabó
හංගේරියාවේ තානාපති

10. ලලාටියානා ඇකෝචේ මහත්මිය (Mrs. Lalatiana Accouche)
සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්

විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *