ඡන්ද පෙත්සම්වලට එරෙහි නීතිපතිගේ හා මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්
පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉදිරිපත් කළ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය (27) ප්‍රතික්ෂේප කළා.
නියමිත පරිදි පසුගිය මාර්තු 9වනදා පළාත් පාලන ඡන්ද විමසිම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගය සහ පැෆ්රල් සංවිධානය මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා. එම පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය (27) කටයුතු කළේ.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විනිස් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා. ජාතික ජනබලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පෙත්සම ඉදිරිපත් කළ අතර එය සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට සිදු කෙරෙනවා.