මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක්

මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක්

මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක්

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංරක්ෂිත ප්‍රදේශවල මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳව වූ මූලික සාකච්ඡාවක් වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023/06/26 දින අමාත්‍යංශ ශ්‍රවාණාගාරයේදී පැවැත්වුණා.

වනාන්තර ඇතිකිරීම සඳහා සුදුසු අක්කර 100ක හෝ 200ක භූමිභාගයක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පැළ වර්ගද ලබාදිය හැකි බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. ඒ. බණ්ඩාර මහතා එහිදී පැවසීය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රටවල් 200කින් රටවල් 04ක් තෝරාගෙන වන රක්ෂිත ඇති කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවද තෝරාගෙන ඇති බව සඳහන්.

තිබෙන වනාන්තර රැකගැනීම හා අලුතින් වනාන්තර ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී අමාත්‍යවරිය පැහැදිළි කරන ලදී.
විවිධ අයුරින් සිදුවන පාරිසරික බලපෑම්වලට අනාගත පරපුරට මුහුණ දීමට නම් හැකි තරම් වනාන්තර හා වන වගා ඇති කළයුතු බවත්, මුඩුබිම් වනබිම් බවට පත්කළ යුතු බවත්, අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට හිමිකරගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් මූල්‍යාධාර ලබාදීමට නියමිතයි.

පරිසර හානි අවම කිරීම, පරිසර දූෂණය වළක්වා ගැනීම, පරිසරය සම්බන්ධයෙන් ජනතාව තුළ යහපත් ආකල්ප ඇති කිරීම හා පරසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ඇති කිරීම මෙහි අරමුණුවනවා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *