ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ රු. බි 6.3ක ඉතිහාසයේ ඉහළම අතිරික්තය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව අතුරු නියෝගයක්

සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වසර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුළු ආදායම රුපියල් බිලියන 17.5ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 120ක වර්ධනයක් බවය.

පසුගිය 17වනදා කොළඹ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති විශේෂ මහා සභා රැස්වීමේදී අදාළ ගිණුම් ප්‍රකාශය අනුමත කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාකළ රුපියල් බිලියන 6.3ක අතිරික්තය ඉතිහාසයේ වාර්තාකළ ඉහළම අගය බවය.

මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත් සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *