2023 LPL තරග කාලසටහන නිකුත් කරයි

2023 LPL තරග කාලසටහන නිකුත් කරයි

2023 LPL තරග කාලසටහන නිකුත් කරයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (18)වන දා ප්‍රකාශයට පත්කර ඇත.

ජූලි 30වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. එම තරගය ජූලි 30වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.30ට ආරම්භ වේ.

මූලික වටයේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8ක් මෙම තරග කාලසටහනට ඇතුළත්ය.

මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 15වැනිදා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. අවසන් වටයේ තරග අගෝස්තු 17වැනිදා සිට ආරම්භවේ. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක එදින පස්වරු 3.00ට Qualifier 1 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතය.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය එදින රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් දෙක අතරය.

අගෝස්තු 19වැනිදා අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය පැවැත්වීමට නියමිතය. ඒ, Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කණ්ඩායම අතරය.

Qualifier 1 තරගය ජය ගත් කණ්ඩායම හා Qualifier 2 තරගය ජය ගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, 21වැනිදා අතිරේක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.

මූලික වටයේ තරග 20න් තරග 12ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ද, තරග 8ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ද පැවැත්වීමට නියමිතය.

අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *