සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව,
විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව සියලු සේවා වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු ඇත.

එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා යැයි එම නිවේදනයේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *