ලංකාව IMF යෝජනා 29ක් ඉටු කරලා – වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’

ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් අනාවරණය වේ
වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති අතර කැපවීම් 3ක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව, අපොහොසත්ව තිබෙනවා.
ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් දෙකක් ආදායම හා සම්බන්ධවයි.
එහි පළමුවැන්න නම්, 2023 මාර්තු වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.1% දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීමයි. නමුත් 2023 පළමු කාර්තුවේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578ක් පමණකි.
දෙවැන්න නම් මැයි 30වන දින ප්‍රකාශයට පත් කරන ලද බදු යෝජනාව මත පදනම්ව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීමයි.