ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී මුල් ස්ථාන 3ම ඔස්ට්‍රේලියාවට

ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී මුල් ස්ථාන 3ම ඔස්ට්‍රේලියාවට
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී මුල් ස්ථාන 3ම අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත්ව සිටිති.
ශ්‍රේණිගත ලකුණු 903ක් සමඟ තවදුරටත් පෙරමුණ රැක ගැනීමට මානස් ලැබුස්චේන් සමත්ව ඇති අතර, අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේදී දැක්වූ දස්කම් මත ස්ටීව් ස්මිත් දෙවැනි තැනටත්, එම තරගයේ වීරයා වූ ට්‍රැවිස් හෙඩ් තෙවැනි තැනත් අත්කර ගෙන තිබේ.
මෙහිදී ස්මිත් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, හෙඩ් ස්ථාන 3ක් ඉහළට පැමිණ ඇත. මෙලෙස එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනකු මුල් ස්ථාන 3 හිමිකර ගෙන ඇත්තේ වසර 39කට පසුව වීම විශේෂත්වයකි. මින් පෙර 1984දී කොදෙව් පිතිකරුවන් තිදෙනෙක් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී මුල් ස්ථාන 3ට පත්ව ඇත.
ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ස්ථාන 2කින් පහතට වැටීමෙන් 9වැනි ස්ථානට පත්ව ඇති අතර, ඒ සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එක් ස්ථානයක් ඉහළට යමින් 8වැනි තැන අත්කර ගෙන තිබේ.