2023 වසරේ මේ දක්වා ඩෙංගු මරණ 27ක්
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි
මෙම වසරේ (2023) මේ දක්වා කාලයේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එසේම, මෙම වසරේ ගතවූ මාස 5යි දින 13තුළ දිවයිනෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් 44,058 දෙනකු හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 21,967ක් බවත් එම ඒකකය සඳහන් කරයි.
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67ක් ඩෙංගු අධි අවදානම් සහිත කොට්ඨාස ලෙස හඳුනාගෙන තිබේ.




