සාක් කලාපීය රටවල් 07ට ලංකාවෙන් නොමිලයේ වීසා

සාක් කලාප රටවල් 07ට නොමිලයේ වීසා

සාක් කලාප රටවල් 07ට නොමිලයේ වීසා

සාක් කලාපයට රටවල් හතේ පුරවැසියන්ට, මෙරටට ඇතුලු වීම සදහා, නොමිලයේ වීසා පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙන බවට සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

මෙමගින් රටට ඇතුළු වීමට පවතින සීමා ලිහිල් වන අතර, වඩා වැඩි සංචාරක ආකර්ශනයක් රට තුළට ගෙන්වා ගැනීම අපේක්ෂා කරයි.

සාක් කලාපයට අයත් රටවලින් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේ දී 537,440 දක්වා ඉහළ අගයක පැවතුණ ද, එම අගය 2022 වසරේ දී 153,204 දක්වා පහත වැටී ඇත.

ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය සාක් කලාපයට අයත් රටවල් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *