රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දමයි

රජයේ ආදායම 50% කින් ඉහළට
අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දමා ඇත.
එමෙන්ම සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර 1990 පෙබරවාරි 06 වනදා ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවද ඈවර කර වසා දමා ඇත.