පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

0
හැකර් අතට පත්වූ ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට

හැකර් අතට පත්වූ ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එක් සංශෝධනයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාදීම සිදුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බව එහිදී අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම ක්‍රියාවලිය මගින් අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com