2023 ජනවාරි සිට ලොව පුරා න්‍යෂ්ටික අවි 12,512ක් දක්වා ඉහළ යයි

2023 ජනවාරි සිට ලොව පුරා න්‍යෂ්ටික අවි 12,512ක් දක්වා ඉහළට

2023 ජනවාරි සිට ලොව පුරා න්‍යෂ්ටික අවි 12,512ක් දක්වා ඉහළට

ලොව න්‍යෂ්ටික බලවතුන් තම සංචිත ඉහළ දැමීමට කටයුතු කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

2022 වසරට සාපේක්ෂව චීනය මෙම වසරේ දී තම න්‍යෂ්ටික සංචිත 17%කින් පමණ වර්ධනය කර ඇති බවට මෙම සමීක්ෂණය මගින් හෙලිවී ඇත.

එනම් 2022 වසරේ ජනවාරි මාසයේදී චීනයේ න්‍යෂ්ටික සංචිත ප්‍රමාණය 350ක් ලෙස දැක්වුණ ද මෙම වසරේ ජනවාරි මාසයේ දී එය 410ක් දක්වා ඉහළ නංවා ඇති බවට වාර්තා වේ.

එමෙන්ම චීනය තම ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ පියවරයන් අනුව තවදුරටත් සංචිත ඉහළ දැමීමක් බලාපොරොත්තු විය හැකි බවට විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

2030 වසර වනවිට ඇමෙරිකාවේ හෝ රුසියාවේ සංචිත ප්‍රමාණයටම චීනයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සංචිත ද ඉහළ නංවනු ඇති බවට අනාවැකි පළ කරයි.

මේ අතර 2022 වසරේ ජනවාරි මාසයේ දී ලොව පුරා න්‍යෂ්ටික අවි 9,576ක් ඇති බවට සඳහන් වේ. එය මෙම වසරේ ජනවාරි මාසයේ සිට 12,512ක් දක්වා ඉහළ නැංවීමට එම රටවල් පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *