මේ වසරේ මුල් මාස පහට විදේශගත ශ්‍රමිකයන් ඩො. මිලියන 2300ක් එවලා

මාස 18කදී විදෙස්ගත ශ්‍රමිකයන් රු. කෝටි 240,000ක් එවයි
විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක්, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 868.3ක් සහ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 454ක් ප්‍රේෂණ මෙරට එවා තිබූ බවද අමාත්‍යවරයා කීය.