වසර 5දී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට රු.15,107,894.00ක් වැය කරලා

වසර 5දී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට රු.15,107,894.00ක් වැය කරලා

වසර 5දී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට රු.15,107,894.00ක් වැය කරලා

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට ගත වූ වසර පහේදී රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් (රුපියල් 15,107,894.00ක්) වැය කර ඇතැයි තොරතුරු පනතින් කළ අයැදුමකට පිළිතුරු වශයෙන් නාගරික ලේකම් කාර්යාලය සඳහන් කර තිබෙනවා.

2018 වසරේදී රුපියල් 947,724ක්ද, 2019 වසරේදී රුපියල් 4,199,499ක්ද, 2020 වසරේදී රුපියල් 3,814,072ක්ද, 2021 වසරේදී රුපියල් රුපියල් 4,608,708ක්ද, 2022 වසරේදී රුපියල් 1,537,890ක්ද වශයෙන් මෙම බිල්පත් ගෙවා ඇතැයි නාගරික ලේකම් කාර්යාලය පවසනවා.

රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරාධිපති ධූරයට පත්වීමෙන් පසුව එහි නිල නිවසේ පිරිවැය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ම හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පනතෙන් කරනු ලැබූ අයැදුමකට පිළිතුරු වශයෙන් මෙම තොරතුරු ලබාදී තිබෙනවා.

එකී නිල නිවස පවිත්‍ර කිරීමට සේවකයන් සපයන පෞද්ගලික ආයතනයකින් මුල් අවස්ථාවේදී සේවකයන් 8 දෙනෙකුද 2021 පෙබරවාරි 16 සිට සේවකයන් 9ක්ද වශයෙන් මෙම රුපියල් 15,107,894ක මුදල ගෙවා සේවකයන් යොදා ගෙන තිබෙන බවද එහි දක්වා තිබෙනවා.

තවද නගරාධිපති නිල නිවසේ ගෙමිදුල පමණක් පිරිසුදු කිරීමට සේවකයන් තිදෙනෙකු යොදා තිබෙන බව ත් ඔවුන් පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා රාජකාරි සිදුකරන බවත් ඉඩම් කළමනාකරණ හා පරිසර සංවර්ධන ඒකකය දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව නිල නිවසේ ඉදිරිපිට ගෙමිදුල පිරිසුදු කිරීමේ කටයුතු සඳහා විහාරමහා දේවි උද්‍යානයේ සේවකයන් තිදෙනෙකු යොදාගෙන ඔවුන්ට රුපියල් 909,000ක් ගෙවා තිබෙන බවද කියයි.

එසේම, රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවෙස 2018 සිට 2023 දක්වා භාවිත කළ මුළු සේවා කාලපරිච්ඡේදය තුළ විදුලි බිල්පත් ගාස්තුවේ මුළු එකතුව රුපියල් මිලියන 9ක් (9,043,553) වන බවද ඔවුහු පවසනවා.

ඒ අනුව, කොළඹ මහා නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක සිය නිල නිවසේ විදුලිය පරිභෝජනයේදී හා පවිත්‍රතාවලට සේවකයන් යෙදවීමේදී නගර සභාවේ ක්‍රියාපටිපාටීන්ට පටහැනිව කටයුතු කර ඇතැයි සඳහන් කරමින් මෙම හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (08) පැමිණිලි කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නිසි ක්‍රියාපටිපාටි හා එම පිළිවෙත් අනුව නගරාධිපති නිල නිවස සඳහා මුළු සේවකයන් 4ක් පමණ භාවිත කළ හැකි අවස්ථාවක නගර සභාවේ සේවකයන් 3ක් හා පෞද්ගලික ආයතනයකින් සේවකයන් 9 දෙනා බැගින් මුළු සේවකයන් 12 දෙනෙකු පවිත්‍රතා කටයුතු සඳහා යොදා මුදල් ගෙවා තිබීම ගැටලුවක් බව ඔවුහු සිය පැමිණිල්ලේ සඳහන් කරනවා.

හිටපු නගරාධිපතිනිය රජයේ මුදල් අවභාවිත කරමින් හෝ වෙනත් පාර්ශ්වයක් වෙත වාසි ලැබෙන ආකාරයට කටයුතු කරමින් අල්ලස් කොමිෂන් සභාවේ පිහිටුවා ඇති 1994 අංක 19 දරන (සංශෝධිත) පනතේ 70 වගන්තිය සඳහන් දූෂණය නමැති වරද සිදුකර තිබේදැයි සොයාබැලීමට විමර්ශනයක් පවත්වන ලෙසද එම එජාප මන්ත්‍රීවරුන් පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *