මහජන උපයෝගිතා කොමිසම ජූලි මාස විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරයි

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි බිල අඩුවන ආකාරය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ යෝජනාවේ දැක්වෙන්නේ ඒකක 0 – 30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලි බිල 26.9%කින් අඩුවන බවයි.

ඒකක 31 – 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙහි අඩුවීම සිදු වන්නේ 10.8%කින්. ඒකක 61 -90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල 7.2%කින් අඩු කිරීමටද යෝජිතයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 – 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩුකිරීම සිදු වන්නේ 3.4%කින්. ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිලේ අඩුවීම සිදුවන්නේ 1.3%කින්.

එමෙන්ම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩුවීම 3.2%ක්. කර්මාන්ත අංශය පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.

කෙසේ වෙතත්, හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලෙහි අඩු වීම 12.6ක්, ඒ අනුව ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව සමස්තයක් ලෙස විදුලි බිල අඩුවන්නේ 3%කින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *