2015 සහ 2020 අතර කාලය තුළ රථ වාහන 2,498,714ක් ආනයනය කරලා

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට රේගුවේ රථවාහන 600කට අධික ප්‍රමාණයක් ඇතුළු භාණ්ඩ රැසක් රේගුව මගින් රඳවා ගෙන ඇති බවයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සියඹලාපිටිය මහතා (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

2015 සහ 2020 අතර කාලය තුළ මෙරටට රථ වාහන 2,498,714ක් ආනයනය කර ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. එම සංඛ්‍යාව, 13%ක් වූ ළමා ජනගහනය සහ 5%ක් වූ වසය 70ට වැඩි ජනගහනය ඉවත් කළ විට ඉතිරි එක්කෝටි තිස් හය ලක්ෂයක ජනගහණයෙන් බෙදූ විට සෑම පුද්ගලයන් පස් දෙනෙකුටම අයෙකු රථ වාහනයක් ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රටවල් 68කින් සමාගම් 100ක් යටතේ මෙම ආනයනයන් සිදු කර තිබේ. මෙම කාලය තුළ ආනයනය කර ඇති රථ වාහනවල වටිනාකම රුපියල් බිලියන 1331.51ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 991.12ක බදු මුදලක් රජය අයකරගෙන ඇති බවයි.

මේ අතර රථවාහන ආනයන කිරීමේ දී වන සියලු ගෙවීම් අදාළ ආනයනය සිදු කරන රටේ දීම ගෙවා දැමිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ යෝජනාවක් සකස් කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවැසීය. බදු ආදායම ඉහළ නැංවීම සහ විනිමය ආරක්ෂා කිරීම පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කරමින් ඇති බවයි ඊට අදාළ යෝජනාව ඇතුළත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *