කෝටි 9 ක රන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නායකයින් 28 කගේ සේවය වහාම අත්හිටුවයි

කෝටි 9 ක රන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් මෙරටට පැමිණි පුද්ගලයක් සතුව තිබී රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ 4කට වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ මැණික් තක්සේරු අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ඔහුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ රත්තරන් පොලු සහ ස්වර්‍ණාභරණ තොගයක් සොයාගත් බවත් මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 4යි ග්‍රෑම් 611ක් බවත් රේගුව සඳහන් කළේය.

මම රත්තරන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 85ක් වන බව කී රේගුව සැකකරු ප්‍රංශ ජාතිකයෙක් බවද හඳුනාගත් බව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *