උසස් පෙළ ගුරු හිඟයට පිළියම් වශයෙන් උපාධිධාරීන් 6000ක්

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

උසස් පෙළ ගුරු හිඟයට පිළියම් වශයෙන් උපාධිධාරීන් හයදහසක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ

විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ යන විෂය ධාරාවන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ජාතික පාසල්වලට දහසක් පමණද සෙසු පිරිස පළාත් සභාවන්ට අයත් පාසල් සඳහාද බඳවා ගැනේ. ඒ ඒ පළාත්වලට වෙන වෙනම බඳවා ගැනීම් කළ හැකි වන අතර අයැදුම් කරන පිරිස වැඩි වුවහොත් පමණක් තරග විභාගයක් පැවැත්වෙන බව අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සඳහා අගමැති ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුවේ මූලික එකඟතාව ලැබී තිබෙන අතර මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල්වල පවතින තිස් දහසක් පමණ වන ගුරු හිඟයට පිළියම් වශයෙන් සංවර්ධන සහායකයන් ලෙස කටයුතු කරන උපාධිධාරීන් බඳවා ගැනීමට අමාත්‍යාංශය කලින් තීරණය කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ලැබී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන් එම බඳවා ගැනීම් පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අමාත්‍යාංශයට නොහැකි වී තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග අමාත්‍යාංශය තවදුරටත් සාකච්ඡා කරමින් සිටියි. ඉහත තීරණය ගෙන ඇත්තේ ඒ අතරය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *