ඇවන්ගාඩ් එකට දීපු ගිනි අවි 103ක් පතරොම් 28,000ක් අතුරුදන් – ජාතික විගණන කාර්යාලය
පාවෙන ගිනිඅවි ගබඩාවලින් ඇවන්ගාඩ් සමාගම මසකට ඩොලර් ලක්ෂ 3ක්; ගිනිඅවි 13ක් අතුරුදහන්
ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 103ක් සහ පතොරම් 28,789ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු නැවතත් සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.
ජාතික විගණන කාර්යාලය පවසන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වැනි දිනෙන් අවසන්වී ඇති හෙයින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බවයි.
