තරග සංචාරයක් අවලංගු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කරයි
ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්
ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග සංචාරයක් අවලංගු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෙරට අතර ක්‍රිකට් ආයතනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් ඊට හේතු වූ බවයි එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.
මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සහ කිරීමද ඊට හේතුවක් වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලිය පවත්වන රට කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ.




