ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඉදිරියේදී කඩා වැටෙයි – බ්ලූම්බර්ග් පුවත් සේවය

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයක් - බ්ලූම්බර්ග් පුවත් සේවය

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයක් - බ්ලූම්බර්ග් පුවත් සේවය

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රුපියල (31)ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *