2022ට සාපේක්ෂව 2023 වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ
2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය 16.15% කින් අඩු වී තිබෙනවා.
එය අමෙරිකානු ඩොලර් මිලියන 814.1ක් ලෙස සටහන් වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.
වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වෙළෙඳපොළවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පවතින බව සඳහන්.
කෙසේවෙතත් තේ, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, මුහුදු ආහාර, විසිතුරු මත්සයින් සහ කුළුබඩු අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා.




