සියලුම රාජ්‍ය ආයතන වෙත ඩෙංගු මර්දනයට අදාළව විශේෂ චක්‍රලේඛයක්

(26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ.

ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 61ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *