ලාදුරු රෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයයෙන් අලුත් තීරණයක්

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්
මින් ඉදිරියට කිසියම් පාසල් දරුවෙකු ලාදුරු රෝගියකු ලෙස හදුනා ගත් පසු එම දරුවාගේ ප්‍රතිකාර අවසන් කරන තෙක් අදාළ පාසලේ ලාදුරු රෝගය පිළිබඳ කිසිඳු දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු නොකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ලාදුරු මර්දන ව්‍යාපාරය විසින් එම උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
දරුවන්ට ඉගෙනීමට සුදුසු පරිසරයක් තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගෙන තිබෙනවා.