ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් – පැරිස් සමාජය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ. මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය. එම පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් විසින් සිදුකළ බව පැරිස් සමාජය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *