එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 8 නම් කරයි

එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් අට

එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් අට

ලබන ඔක්තෝබර් මස 9වැනිදා සිට නොවැම්බර් මස 19වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 8 මේ වන විට තහවුරු වී තිබේ.

ඒ අයර්ලන්ත – බංග්ලාදේශ පළමු එක්දින තරගය වාර්ෂාව හේතුවෙන් අත්හැර දැමිමත් සමගය.

ඒ අනුව සුපර් ලීගයේ පෙරමුණ ගත් කණ්ඩායම් අට සෘජුවම 2023 එක්දින ලෝක කුසලානය සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම් 8 වන්නේ නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප‍්‍රිකාවයි.

මීට අමතරව එක්දින ලෝක කුසලානයේ සුපර් ලීගයේ අවසන් ස්ථාන 5ට පත් වු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, ශ‍්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය මෙන්ම නේපාලය, ඕමානය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකාව ඇතුළු කණ්ඩායම් දහයක් සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගාවලියට සිම්බාබ්වේ දේශයේ දී තරගවදිනු ඇත.

එම තරගාවලිය ලබන ජුනි මස 18 වැනිදා සිට ජුලි මස 9වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඉන් කණ්ඩායම් දෙකක් පමණක් 2023 එක්දින ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *