තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රේගු බදු සහනය ඉවතට; තිරිඟු පිටි මිල ඉහළට?

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි; ආනයන බද්ද ඉහළට

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි; ආනයන බද්ද ඉහළට

තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ (07) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තිරිඟු පිටි සඳහා ලබා දී ඇති රේගු බද්ධ යළි පැනවීම මගින් සියයට 90ක් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟු පිටි මිල කළමණාකරණය කිරීම සිදු කරන බවයි.

මේ අතර ආනයන බදු සහනය ඉවත් කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී පිටි මිල යළි ඉහළ යනු ඇති බවට වෙළෙඳ ප්‍රජාව අනතුරු අඟවනවා.

මෙම තීරු බදු සහනය හරහා 2020 ජනවාරි මස රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15 – 16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීම සිදු කරනු ලැබුවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව මෙම තීරණය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *