දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි – අමාත්‍ය විදුර වික්‍රමනායක

දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි

දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි

දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බවටත්, .ඒ සදහා අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවටත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බවත් මෙම වැඩ පිළිවෙළ අනුව දහම් පාසැල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමටද අවධානය යොමුව ඇති බවත් ඔහු පැවසීය.

හික්මීම නොමැතිකම ආගම දහමට ලැදියාව අඩුවීම වැනි තත්ත්වයන් තුළ සමාජයේ ඇතිවී තිබෙන නොයෙකුත් විෂමතාවයන් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළේ අරමුණ බවද අමාත්‍යවරයා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *