උසස් පෙළ විභාග විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරයි

උසස් පෙළ විභාග විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති එමිරේට්ස් සහයෝගයෙහි කොටසකි. මෙම ගිවිසුම එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය අහ්මඩ් කූරි මහතා සහ ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂිකා K.P.P. සිරිවර්ධන මහත්මිය විසින් 2023 අරාබි සංචාරක වෙළඳපල (ATM) ප‍්‍රදර්ශනයට සමගාමීව අත්සන් තබනු ලැබීය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා, ආරාබි එක්සත් එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී අඩ්නාන් කසීම් මහතා සහ ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළමනාකරු චන්දන ද සිල්වා මහතා සහභාගී වූහ

උසස් පෙළ විභාග විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරයි

උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බවටත්, තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවටත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට තවදුරටත් අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

මේ යටතේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව ගුරුවරුන්ගෙන් මෙම අයැදුම්පත් කැඳවෙනු ඇති.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ද ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *