එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති එමිරේට්ස් සහයෝගයෙහි කොටසකි.

මෙම ගිවිසුම එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති – බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය අහ්මඩ් කූරි මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂිකා K.P.P. සිරිවර්ධන මහත්මිය විසින් 2023 අරාබි සංචාරක වෙළඳපල (ATM) ප‍්‍රදර්ශනයට සමගාමීව අත්සන් තබනු ලැබීය.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී අඩ්නාන් කසීම් මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළමනාකරු චන්දන ද සිල්වා මහතා සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *