ඔමික්‍රොන් උප ප්‍රභේදයක් වන ආක්ටරස් ලොව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔමික්‍රොන් උප ප්‍රභේදයක් වන ආක්ටරස් ලොව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔමික්‍රොන් උප ප්‍රභේදයක් වන ආක්ටරස් ලොව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

වසර දෙකකට වැඩි දීර්ඝ කාලයක් ලොවම අක්‍රීය කළ කොවිඩ් වසංගතයට තවමත් සමූහ මරණ සිදු කිරීමේ හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් අද්නාන් අනතුරු අඟවා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ XBB.1.16 විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ඔමික්‍රොන් උප ප්‍රභේදයක් වන ආක්ටරස් අවදානම් රහිත බවට මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබූ බවය.

මේ වසරේ මුල් භාගය වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව 95% දක්වා පහත වැටී තිබුණද, ඇතැම් රටවලින් පසුගිය සති හතරේදී කොවිඩ් මරණ 14,000ක් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නිවේදනය නිකුත් කර තිබේ. මේ තත්ත්වය මත බිලියන ගණනාවක ලෝක ජනගහනයට කොවිඩ් වයිරසයෙන් දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.

ආක්ටරස් උපප්‍රභේදය මේ වන විට රටවල් 33ක ව්‍යාප්ත වී ඇතැයි ද, ඉදිරියේදී එය ලොව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද සඳහන් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වයිරසය විවිධ මුහුණුවර යටතේ නොනැසී පවතින බව පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *