දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක්

දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක්

දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක්

රට පුරා පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ තත්වය සැලකිල්ලට ගෙන එම සතුන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසටත් ඒ සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් නිකුත් කරන ලෙසටත් පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනටමත් උපදෙස්දී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

නිදැල්ලේ හැසිරෙන සතුන් අධික උෂ්ණත්වය හේතුවෙන් මියයෑමට පවා ඉඩ ඇති බව ඇය කීවාය.

අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් ඇතුළු නිදැල්ලේ හැසිරෙන සතුන් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත මෙන්ම ජල මූලාශ්‍ර සහිත ස්ථානවල රැඳවීමට පියවර ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අධික උෂ්ණ සහගත කාලගුණය හේතුවෙන් සතුන්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සතුන් ජලයෙන් තෙමීමද වැදගත් බව සඳහන් කළේය. අධික උෂ්ණත්වය හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවිය හැකි බවත් සතුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවී මරණය පවා සිදුවිය හැකි බවත් කොතලාවල මහත්මිය සඳහන් කළාය. උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *