නාමයෝජනා භාරගෙන තිබෙන පළාත් පාලන ඡන්දයට සීමා නිර්ණය වාර්තාවෙන් බලපෑමක් නෑ

නාමයෝජනා භාරගෙන තිබෙන පළාත් පාලන ඡන්දයට සීමා නිර්ණය වාර්තාවෙන් බලපෑමක් නෑ

නාමයෝජනා භාරගෙන තිබෙන පළාත් පාලන ඡන්දයට සීමා නිර්ණය වාර්තාවෙන් බලපෑමක් නෑ

“දැනට නාම යෝජයා පත්‍ර භාර ගෙන ඇති පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට දෙවරක් කල් දමා ඇති අතර එම ඡන්දය අගෝස්තු 12 වනදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට හෝ සැප්තැම්බර් 15වනදාට පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට කලින් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරනවා” යැයි සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාවේ අවසන් කෙටුම්පත භාර දී ඇති අතර දැනට පවතින පළාත් පාලන ආයතන බොහොමයක කොට්ඨාස මායිම් වෙනස් වී ඇතැයිද එම වෙනස් වීම් නාමයෝජනා භාරගෙන තිබෙන පළාත් පාලන ඡන්දයට කිසිදු බලපෑමක් නැතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

යම් හෙයකින්, පාර්ලිමේන්තු පනතක් මගින් දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කිරීමක් සිදු වුවහොත් පවතින තත්ත්වයේ වෙනසක් ඇති වීමට ඉඩ ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ තොරතුරක් වාර්තා වී නැති බව පැවසූ සභාපතිවරයා පවතින තත්ත්වය යටතේ දිගින් දිගටම ඡන්ද විමසීමේ දිනය කල් දමීමට සිදු වී අවසානයේ දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කෙරුණහොත් සීමා නිර්ණය කොමිෂන් සභාව ලබා දුන් නව වාර්තාවට අනුව පළාත් පාලන ඡන්දය විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවස්ථාවක් උදාවන බවද පෙන්වා දුන්නේය.

එසේ වුවහොත් දැනට පළාත් පාලන ආයතනවලට තෝරාගනු ලබන අටදහසකට අධික නියෝජිතයන් සංඛ්‍යාව අඩකින් අඩුවන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *