උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අඩාලවීමෙන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුළිත තත්ත්වකයට පත්වෙලා

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිවීමෙන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුළිත තත්ත්වකයට පත්වි ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් විභාගයට මුහුණ දුන් සිසුන් දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි.

උසස් පෙළ විභාගය අවසන් වී මේ වනවිට දින 54කට ආසන්න කාලයක් ගත වී ඇත. ඇගයීම් කටයුතු දැනටමත් බොහො ප්‍රමාද වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒම කටයුතු ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලැබෙන්නේ නම් ඒ සඳහා දැනටමත් අයැදුම් කර ඇති ඇගයීම් පරීක්ෂකවරුන්ගේ සහයෙන් ඇගයීම් කටයුතු වහාම ආරම්භ කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තවදුරටත් ප්‍රමාද නොකර මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනිම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *