ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) එළිදක්වා තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිවයි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අළෙවිසැල් 24 පිළිබඳ තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වනවා.

මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාවද මෙමඟින් ලැබෙන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ අතටම ලබා දෙනවා.

ඉදිරියේදී විදේශගත ගැණුම්කරුවන්ටද මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *